2016-2017 වර්ෂ 2016/17 ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියේ තෙවන ස්ථානය අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හිමි වූ වගයි.
ගරු දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2018.06.22 දින දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේදී පැවැත්වූ කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් සමුළුව
Read more: කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් සමුළුව-2018.06.22
දෙහිවල කොට්ඨාශයේ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව එක්ව පිහිටුවා ඇති ස්වශක්ති සංවිධානය හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව 2018.05.31 වන දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සංවිධානය කරන ලද පොසොන් බැති ගී සරණිය-
2017 වසරේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කරන ලද ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කිරීමේ ව්‍යාපෘතීන් අතරින් විශිෂ්ඨතම ව්‍යාපෘතිය ලෙස අප කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ලද කරගම්පිටිය 539/42 ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ 'කවුඩාන ශ්‍රී ශාන්තාරාම පාර අවසානයේ පිහිටා ඇති පොදු ළිඳ සම්පූර්ණයෙන් අළුත්වැඩියා කටයුතු සිදු කිරීම සහ එම ළිඳ වටා ආවරණ වැටක් සවිකිරීමේ' ව්‍යාපෘතිය තෝරාගෙන ඇත.
Read more: ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කිරීමේ ව්‍යාපෘතීන් අතරින් විශිෂ්ඨතම ව්‍යාපෘතිය-2017
දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉටුකරනු ලබන අමිල මෙහෙවර අගයනු පිණිස ග්‍රාම නිලධාරී සේවය ආරම්භ වී වසර 55ක් සපිරෙන 2018 මැයි මස 01 වන දින දෙහිවල ප්‍රාදේශීය ලේකම්තුමිය ප්රමුඛ කාර්ය මණ්ඩලය විසින් විසින් 2018.05.02 දින දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ග්‍රාම නිලධාරීන් සඳහා උපහාර පිදීමේ උත්සවයක් සංවිධානය කරන ලදි.